Arduino භාවිතා කර ඔබගේ පළමු ප්‍රෝග්‍රෑම් එක ලියමු! මෙම ලිපියෙන්, ඔබට LED එකක් පත්තු කරවන සරලම කේතය සහ අවශ්‍ය දෑ පිළිබඳව ඉගෙන ගනිමු.
ඔබට අවශ්‍ය දෑ
-
Arduino UNO හෝ Arduino Nano
-
USB කේබල් (Arduino – PC සම්බන්ධ කිරීමට)
-
LED එකක්
-
220Ω රෙසිස්ටර්
-
බ්‍රෙඩ්බෝඩ් සහ ජම්පර් වයර්
පරිපථ සැකැස්ම
-
LED එකේ ධන ලෙග් (දිගු පාදය) → Arduino ගේ D13 පින් එකට.
-
LED එකේ ඍණ ලෙග් (කෙටි පාදය) → GND (Ground) ට.
-
රෙසිස්ටර් එක LED සමඟ අමතක නොකරන්න!

Arduino IDE වල කේතය (LED Blink Code)
pinMode(13, OUTPUT); // D13 පින් එක OUTPUT ලෙස සකසන්න
}
void loop() {
digitalWrite(13, HIGH); // LED එක ON කරන්න
delay(1000); // 1 තත්පරය බලා සිටින්න
digitalWrite(13, LOW); // LED එක OFF කරන්න
delay(1000); // 1 තත්පරය බලා සිටින්න
}
Code එක , නොහොත් කේතය පැහැදිලි කිරීම
-
setup()
: Arduino ආරම්භක සැකසුම් (මෙහි D13 පින් එක output ලෙස සකස් කරයි). -
loop()
: ප්‍රෝග්‍රෑම් නැවත නැවත ධාවනය වේ. -
digitalWrite(13, HIGH/LOW)
: LED එක ON/OFF කිරීම. -
delay(1000)
: 1000ms (1 තත්පරය) බලා සිටීම.
ප්‍රෝග්‍රෑම් එක Arduino එකට Upload කරන ආකාරය
-
Arduino IDE විවෘත කර නව Sketch එකක් සාදන්න.
-
ඉහත කේතය ඇතුළත් කර Verify (✓) කරන්න.
-
Tools > Board > Arduino UNO (හෝ ඔබ භාවිතා කරන එක) තෝරන්න.
-
Tools > Port වලින් USB පෝර්ට් එක තෝරන්න.
-
Upload (→) බොත්තම ඔබන්න.
-
LED එක 1 තත්පරයට වරක් පත්තු විය යුතුයි!
ගැටලු නිරාකරණය
❌ LED එක පත්තු නොවේද?
-
පරිපථය නිවැරදිව සම්බන්ධ කර ඇත්දැයි පරීක්ෂා කරන්න.
-
රෙසිස්ටර් භාවිතා කර ඇත්දැයි බලන්න.
❌ Arduino IDE වල පෝර්ට් නොපෙනේද?
-
USB ඩ්‍රයිවර් ඉන්ස්ටෝල් කරන්න (CH340 ඩ්‍රයිවර් අවශ්‍ය විය හැක).
ඊළඟට ඉගෙන ගත යුතු දේ
-
පුළුල් ලෙස LED පාලනය කිරීම (PWM භාවිතා කරමින්).
-
බොත්තම් සමඟ අන්තර්ක්‍රියා කිරීම.
-
සෙන්සර් (උෂ්ණත්ව, ආර්ද්‍රතාව) භාවිතා කිරීම.