ඔබගේ පළමු Arduino ප්‍රෝග්‍රෑම් එක ලියන්න (LED Blink)

Arduino භාවිතා කර ඔබගේ පළමු ප්‍රෝග්‍රෑම් එක ලියමු! මෙම ලිපියෙන්, ඔබට LED එකක් පත්තු කරවන සරලම කේතය  සහ අවශ්‍ය දෑ පිළිබඳව ඉගෙන ගනිමු.


ඔබට අවශ්‍ය දෑ

  1. Arduino UNO හෝ Arduino Nano

  2. USB කේබල් (Arduino – PC සම්බන්ධ කිරීමට)

  3. LED එකක්

  4. 220Ω රෙසිස්ටර්

  5. බ්‍රෙඩ්බෝඩ් සහ ජම්පර් වයර්


පරිපථ සැකැස්ම

  1. LED එකේ ධන ලෙග් (දිගු පාදය) → Arduino ගේ D13 පින් එකට.

  2. LED එකේ ඍණ ලෙග් (කෙටි පාදය) → GND (Ground) ට.

  3. රෙසිස්ටර් එක LED සමඟ  අමතක නොකරන්න!


Arduino IDE වල කේතය (LED Blink Code)

void setup() {
  pinMode(13, OUTPUT);  // D13 පින් එක OUTPUT ලෙස සකසන්න
}

void loop() {
  digitalWrite(13, HIGH);  // LED එක ON කරන්න
  delay(1000);             // 1 තත්පරය බලා සිටින්න
  digitalWrite(13, LOW);   // LED එක OFF කරන්න
  delay(1000);             // 1 තත්පරය බලා සිටින්න
}

Code එක , නොහොත් කේතය පැහැදිලි කිරීම

  • setup(): Arduino ආරම්භක සැකසුම් (මෙහි D13 පින් එක output ලෙස සකස් කරයි).

  • loop(): ප්‍රෝග්‍රෑම් නැවත නැවත ධාවනය වේ.

  • digitalWrite(13, HIGH/LOW): LED එක ON/OFF කිරීම.

  • delay(1000): 1000ms (1 තත්පරය) බලා සිටීම.


ප්‍රෝග්‍රෑම් එක Arduino එකට Upload කරන ආකාරය

  1. Arduino IDE විවෘත කර නව Sketch එකක් සාදන්න.

  2. ඉහත කේතය ඇතුළත් කර Verify (✓) කරන්න.

  3. Tools > Board > Arduino UNO (හෝ ඔබ භාවිතා කරන එක) තෝරන්න.

  4. Tools > Port වලින් USB පෝර්ට් එක තෝරන්න.

  5. Upload (→) බොත්තම ඔබන්න.

  6. LED එක 1 තත්පරයට වරක් පත්තු විය යුතුයි!


ගැටලු නිරාකරණය

❌ LED එක පත්තු නොවේද?

  • පරිපථය නිවැරදිව සම්බන්ධ කර ඇත්දැයි පරීක්ෂා කරන්න.

  • රෙසිස්ටර් භාවිතා කර ඇත්දැයි බලන්න.

❌ Arduino IDE වල පෝර්ට් නොපෙනේද?


ඊළඟට ඉගෙන ගත යුතු දේ

  • පුළුල් ලෙස LED පාලනය කිරීම (PWM භාවිතා කරමින්).

  • බොත්තම් සමඟ අන්තර්ක්‍රියා කිරීම.

  • සෙන්සර් (උෂ්ණත්ව, ආර්ද්‍රතාව) භාවිතා කිරීම.